Sunday, August 3, 2014

ආදරය කරමි කඳුකරයට



මම මිනිසුන්ට වඩා
ආදරය කරමි කඳුකරයට
කුඩා අතු රිකිලි රැගත් තුරු පෙළට
දිය සායම් හැලෙන අහසට
ඔවුන් පෙම්වතුන්ය මාගේ
රමණීයත්වය චිත්‍රණය කරන

ආකාසය සිය කෙස'ග පීරා
වලා සළු පිළියෙල කරන උදය
ඈ අතින් ගිලිහෙන සළු
ඇදහැලෙයි කඳු මත
අඩ නිරුවතින් නිදි ගැට හරින
ගල්තලා වසා දමයි යුහුසුළුව

දිය වෙත නැමී මඳක්
වත දොවන කුරුලු පියාපතක්
සිතේ අවසන් කිළිටි බිඳුවද
පා කර හරියි දිය මත

අලංකාරය පමණක් කඳුකරයෙහි ඉතිරි වෙයි
මෘදු වචන පමණක් දොළ පහරවල ගලයි
ශෝභමාන හිස පළඳනාවක් අතැතිව
සන්ධ්‍යාව පැමිණෙයි
ආදරය බිඳෙන් බිඳ වපුරයි

ඔවුන් පෙම්වතුන්ය මාගේ
රමණීයත්වය චිත්‍රණය කරන

Picture - Herman Herzog

4 comments:

  1. හහ් හහ් හා කදිම කවියකි.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා ස්තූතියි!!

      Delete
  2. ලස්සන කවි පෙළක්, නියමයි

    ReplyDelete