මම මිනිසුන්ට වඩා
ආදරය කරමි කඳුකරයට
කුඩා අතු රිකිලි රැගත් තුරු පෙළට
දිය සායම් හැලෙන අහසට
ඔවුන් පෙම්වතුන්ය මාගේ
රමණීයත්වය චිත්රණය කරන
ආකාසය සිය කෙස'ග පීරා
වලා සළු පිළියෙල කරන උදය
ඈ අතින් ගිලිහෙන සළු
ඇදහැලෙයි කඳු මත
අඩ නිරුවතින් නිදි ගැට හරින
ගල්තලා වසා දමයි යුහුසුළුව
දිය වෙත නැමී මඳක්
වත දොවන කුරුලු පියාපතක්
සිතේ අවසන් කිළිටි බිඳුවද
පා කර හරියි දිය මත
අලංකාරය පමණක් කඳුකරයෙහි ඉතිරි වෙයි
මෘදු වචන පමණක් දොළ පහරවල ගලයි
ශෝභමාන හිස පළඳනාවක් අතැතිව
සන්ධ්‍යාව පැමිණෙයි
ආදරය බිඳෙන් බිඳ වපුරයි
ඔවුන් පෙම්වතුන්ය මාගේ
රමණීයත්වය චිත්රණය කරන
Picture - Herman Herzog
හහ් හහ් හා කදිම කවියකි.
ReplyDeleteහහ් හහ් හා ස්තූතියි!!
Deleteලස්සන කවි පෙළක්, නියමයි
ReplyDeleteස්තූතියි!!
Delete