
වතුර පිරෙන වැහි කාලේ - තරගෙට
නටති ගෙඹි පැටවු
සරැළි නඟන ගඟ දෑලේ - අසිරිය
බලති පොඩි ළමෝ
අන්න අතන හබරල අතු ගඟේ ගිලෙනවා
මෙන්න මෙතන දිය නාගෙන බූල අඬනවා
ගඟ ගෙන එන දර හොයන්න ළඳුන් ඇදෙනවා
වැස්සට තෙමි ගඟ දෑලේ නෙළුම් පිපෙනවා
උඩ බලන්න උඩ බලන්න අන්න අහස අළු
පා තියන්න ළඟයි වගේ සලා වලා සළු
දුවගෙන නොගියොත් ගෙදරට අම්ම බනිනවලු
ගස් අඹරන සුළඟ හමයි අහසේ ඇඳ කළු
Picture - Vincent Van Gogh
දඩිබිඩියේ තෙමෙන පුංචි ගමක් මැවුනා සිතේ.. - අපුරුවට
ReplyDeleteඅපේ ගම එහෙම. අපි වහින කොට කැලෑව මැදින් යනවා ඔයේ වතුර බලන්න. ආච්චියි වටපිටේ අනෙක් අයයි! විශාල ගස් කොටන් පාවෙලා යනව පේනවා.. ඒත් දැන් ඒ අය නෑ..
Deleteපාරෙ ඉඳන් අපේ ගෙදරට යන්න තියෙන්නේ ඔය දිගේ. පුංචි කාලේ ඒ දුර යන කොට එක එක කවි වගේ දේවල් මගේ හිතට එනවා. මේ දේවල් ලියාගත්තොත් කවි වෙයි කියල මම එතකොට හිතනවා. අපේ ගම පුදුම ලස්සන ගමක්. මට නම් තවමත් ඒක දිව්‍යලෝකයක්.
චී.. මඩ වතුරේ දගලන්නෑ.. හොදද?? (ගමේ ගියාම)
Delete