ඔබ ගැයු ගීයක් මට ඇසුණේ නැත
කැලත කැලත නැඟි සකුණ සරය හැර
ඔබ වස්දඬු රැව මිදී ගියාදෝ
අන්සතු උයනක පිපුණු මලක් දැක
සුමුදු පෙමක් මිස අන් කිසිවක් නැත
ඔබේ නමින් මා හද මත සුලලිත
ඒ ආදරයෙන් නෑවී යන කල
ඉරා දමමු අපි කඳු බඳ තිමිරය
සඳ බැස යන පෙරඹර හිරු කැලඹෙන
දිගැති රැයක අවසන් රේඛාවෙත්
මා හද සැළමුතු පෙම ඔබ, ලියලන
සිහිනෙන් තැවරූ උණුසුම් සුවයද
Picture -
Igor Medvedev
mechchara kawi adahas kohomada hithanne ? digatama liyanna.. lassana blog ekak :)
ReplyDeleteස්තූතියි ගොඩක්..
Deleteෂහ්! මේක ගීතයක් කරන්න තිබුනනම්.. හරි අපූරු තනුවක් යොදන්න පුලුවන් පද රචනයක්. මෙය ගීයකට ඉතාම කදිමයි.
ReplyDeleteගයා බලන්න!
Delete