Wednesday, August 20, 2014

ෆර් ගස්



කඳු ඉස් නඟන කිවිසුම් හඬ
මෆ්ලරයකින් වළකන ෆර් ගස්
කිටිකිටියේ තුරුලුව එකිනෙක
ගයයි සීත සෘතුවට හිමි ගීත

පිපාසිත කල නොලද
හිම බඳුන් චාටුවෙන්
දැවටී ෆර් පත් මත
භජනය කරයි සමාව

Picture Source - http://hdw.eweb4.com/out/1010151.html

2 comments:

  1. හ්ම්...
    පට්ටයෝ..............

    ReplyDelete
    Replies
    1. පට්‌ට වැල්, බඹර වැල්, නවද, ඇත්අඩි, කටු කිතුල්ද? :)

      Delete