

ගිම්හානයේ මැද
ඕක් පත් ඈතට විසිර යන කල
සඳළුතලයට වී සමනලුන් විසි කරමි අහසට
නොතකමි ඔබව මොහොතකට
පාට කරමි අහසේ තැනින් තැන
විප්ලව කරමි උඩ පනිමි ලොකුවට
ක්රියාවට නඟමි අයිතීන් සතු විසල් වපසරි
කරදරයක් බව දන්වමි ඉවීම ඇමදීම නමැඳීම
කතා කරමි නිදහස ගැන
ඔබ ඔතැන ඉන්න තාක්
එඩි බල පාමි සුපිළිපන් බව රකිමි
නොඅසයි ඔබ මා කියන දේ
සිහින් හිනාවක් ගිල ගනී විටින් විට
'ඕනෑවට වැඩි' කියයි ඉඳහිට නිකමට
ඔබ ඔතැන නැතිවුණොත් යම් දිනෙක
මට සිතෙයි
ගිම්හානය මැද
ඕක් පත් විසිර යයි ඈතට
මගේ අත් පවා අප්රාණිකව
බිඳ වැටේ පහළට
Picture - Aldo Balding
I thought of independence,
ReplyDeleteIdentity and self-concept,
I never thought of losing you