Saturday, August 30, 2014

පිපේ නම් හුරුපුරුදු සෙනෙහසින්



මා වැළඳගෙන හැඬුම් දරන්නට උරහිසින්
ඔබට එන්නට හැකිද නිම්තෙරින්
හිරු අවරගිරට වන තනිකමින් පිරීගිය
සවස් යම මුදවන්න සීතලෙන්

කඳු අතර මරු කතර වුව කමක් නැත මිතුර
මිණිවරව සිනා සේ නම් පෙමින්
වැසි වසින රැය අඳුර මුලා කර ම'හද මත
පිපේ නම් හුරුපුරුදු සෙනෙහසින්

Picture - Steven Quartly

4 comments:

  1. "වැහි වලාකුළු රංචු කදු මුදුන්වල ලගින
    දැන් ඒවි තැනි බිමට සීතලයි මගෙ සිතට
    වැසි සමේ රෑ ඇදේ සිහිනයක් වී ඉන්න
    ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න"

    එක් වරම සිහි වූයේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වස්සානේ.

    ReplyDelete
  2. Replies
    1. ආකිමිඩීස්ගේ ඉස්කුරුප්පුව වගේනේ..!

      Delete