Sunday, November 11, 2012

පලා

සල සලා පිනි නෙළ නෙළා දළු වෙල් අසල දණ ගසන්නේ
පලා නොම ගිය ජීවිතේ ගෙන පලා රස ගුණ සොයන්නේ
බලා අවසර හෙළා බැල්මක් ජීවිතය කැටි කරන්නේ
පලා අම්මා අකුරු නොම දැන යුග තුනක කවි ලියන්නේ

'වසර ලද හැම විට ම යුග ඇස අහසට ම යොමු කරන්නේ
සියලු දුක දුරු වෙලා දරු සය දිවිය ලෝකය පතන්නේ
ගොර බිරම් අස හිස නමා හිත සිනා මුහුණින් මකන්නේ
හැඹිලියේ ලා නොගෙන දුක් කඳ ඇළ දොළට විසි කරන්නේ

1 comment:

  1. කෝ පින්තුරේ... අනික ස්පීඩ් වැඩියි..... වේගය මරු කැඳවයි...

    ReplyDelete