Thursday, November 29, 2012

ඔබට සිහි විණිද?



වැසි දියෙන් ගැලවෙනු පිණිස
ඉටි ගවුම් ඇඳ
රබර් යුවතිය

මහ වැස්සේ ම
තේ ලිය
නෙළන ලිය
කඳුළින් පිරෙන කූඩය

ඔබට සිහි විණිද,
මහ වැස්සක උණුහුමින්
තේ රසයෙන් පිනන විට
රබර් මෙට්ටයක කිමිද
උණුසුම විඳින විට
ඔවුන්?

Picture - Mary Cassatt, Afternoon Tea Party

2 comments:

  1. ඇත්තටම කවදාවත් සිහිවෙලා නෑ ඒ වේදනාභරිත ජීවිත.

    ReplyDelete
  2. අමිහිරි යථාර්ථයක් වුණත් ලස්සනට අකුරු කරලා තියනවා. ජය!!!

    ReplyDelete