
සිඳ බිඳී යන සිතුම් පැහැයකින් දල්වලා
වැසි කලෙක සිප ගනී සිඳු කඳුළු වැහි වලා
අතරමං වූ විහඟ පියාපත් අතරතින්
ඇදී එයි ගීතයක් ඇරඹුමද නිමද නැති
උදම් රළ මෙන් පතිත ඉහළ නැඟ දිය යළිත්
පෙමක් සිය අතින් ගෙන රළ අතර සැඟව යන
ජීවිතය දෙස බලා අඩ ඇසින් සැණ බිඳෙක
ඈ ඇවිද ගිය අයුර ළවැල්ලෙහි තබා පිය
කටු දහසක් ඇනී නිමේෂෙක අවුලුවන
බ්‍රහස්පති තාරකාවක් විලස ගෙන මතක
නිශාවෙහි ගන අඳුර ඉරා මතුවෙන එළිය
රළ අතර බිඳී යන රිදී කවියකි දෙනෙත
ශෝකයෙන් විඩා ගත් විට බිඳී යන තත්
අහුල ගනු විලස ගන අඳුරු රැය මඟට 'විත්
ශෝකයද ප්‍රේමයද නුසුන් කල්පනා ලොව
මිටට ගෙන ඉකි ගසන ළවැල්ලෙහි වැතිරගෙන
Picture - Mark Keathley
ලස්සනයි කවි පද ටික .. ඔන්න අදමයි මේ කන්දට නැග්ගේ .. සුබ පතනවා ඉදිරියට නිර්මාණ කරන්න..
ReplyDeleteස්තූතියි!!
Delete