Sunday, January 11, 2015

රන්වන් පෑනක් ලැබුණා ලැබුණා


දවසක් ඒ යැයි සිතුණා සිතුණා
හද මත බැඳි දුක් දම් ලිහෙනා
ඉතිහාසය ලියනා
රන්වන් පෑනක් ලැබුණා ලැබුණා

ඒ පෑනින් හද දකිනා දකිනා
යුක්තිය පෙරටුව ගමනා ගමනා
සමගිය සඳෙළිය විලසින් බෙදෙනා
රන්වන් දොරටුව ඇරුණා ඇරුණා

ඒ දොරටුව ළඟ එක් වී රොක් වී
එන්න මිතුරනේ හරි මඟ පෙන්වා
දිවි හිමියෙන් උදහස් එලවන්නට
පණ ගැහෙනා අකුරට පණ දෙන්නට
පණ ගැහෙනා අකුරට පණ දෙන්නට
පණ ගැහෙනා අකුරට පණ දෙන්නට

Picture - Robert Hagan

4 comments:

  1. ඒ පෑන ගන්නට
    විඳි දුක් සිහියට නැගුනා නැගුනා
    'මුත් ඒ දුක්බර කාලය ගතවී
    යුතුකම ඉටුකළ වැඩිහිටියෙක් ලෙස
    මියයන්නට වුව තුටිනා තුටිනා

    ReplyDelete
  2. හැමදාම වගේ............ ලස්සනයි...............

    ReplyDelete