Thursday, January 29, 2015

කිසිවෙකුත් නොදන්නා දූපතක්



මුණ ගැසෙන හැම වර
මුව සියලු ලක්ෂ්‍යයකම
ගංගා දහසක් එක් රැස්ව
පිටාර ගලා යන සේය ඔබ

ආදරය පවසන විකාර දර්ශන
ඇසි පිය නොහෙළ හිටි වන
උවමනා නැත මිතුර
හදවතේ ගැඹුරු තැන
කිසිවෙකුත් නොදන්නා
දූපතක් වැනිය ඔබ

Picture - Paul Hedley

2 comments:

  1. මේකනම් ගොඩක් දැනුනා......කියන්න වචන නැති තරමටම.....නියමයි.....ජය වේවා.....

    ReplyDelete