Thursday, September 13, 2012

හැම රැයකම

හැම රැයකම
හීන් පැතුමක් සමඟ
ඔබ මගේ ඇස් අග නලියන

වතු පුරා ඇවිද රස පල ද වැල
පොතු අතැර මට කවන
මඤ්ඤොක්කා නාරටි ඇත
ගෙල පළඳනා තනන
අත්තම්මේ ඔබ නොපෙනුණ ද
අපි තව ම එකට හඬන

කළු කබායකින් වැසුණු
දිවා කල සහ මගේ හදවත
අමිහිරි ම ගොස් මැද
ගිල ගනී මතක වෙණ නද
ඇසි පිල්ලමෙන් එපිටට

කුඩා එළි තරු සමඟ
රාත්‍රිය සොයමි මම
නිහඬ සිහින ද කතා කරන
අප යළිත් හමුව හඬන

1 comment:

  1. ලස්සන නිර්මාණයක්.'මඤ්ඤොක්කා නාරටි' මගේ පුංචි කාලේ මතක් කළා.දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete