Thursday, September 20, 2012

මා නොවන බව

මා විටෙක
සිනහවකින් වුව
වහා ඇවිලෙන සුලු
ගිනි පුළිඟුවක් ව

ඇතැම් විට
ථේරි ගාථාවන්
නිසල ව ගලා යන
අරණකට
අතිශය සුදුසු ව

සිතෙහි ඇති වී නැති ව යන
මහත් සිතිවිලි ගොනු තුළ
විවිධ ව
මා නොවන බව නොදැන
ශූන්‍යත්වයෙන් හා
පරිපූර්ණත්වයෙන් එපිට

2 comments:

  1. ලස්සන සිතුවිල්ලක්.ජය!!!

    ReplyDelete
  2. තේරුම් ගන්න අමාරු සිතුවිල්ලක්!:)

    කමෙන්ට්ස් වල වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලානම් ලේසියි වගේ නේද??:)

    blogger.com->settings->posts and comments->Show word verification->No

    ReplyDelete