
දිනෙක කොරිඩෝරයේ ඇවිද යන විට
අපි සොයා ගතිමු වංචාවේ උල්පත සහතිකපත්වලින් පැන නඟින බව
කවුළුවෙන් එපිට බලන විට වෙනදා මෙන් මැයි ගස්වල මල් පිපී තිබු'මුත්
හරි අවර්ණ කළු සත්ත්වයෙක් වසා සිටියේය කොළ හැලී ගිය අතු කඳක්
එහෙමය අප සොයා ගත්තේ කාසියේ එක පසක්
___________
මහ මුහුදට නොදැනුණා වගේ හිටියට දැනෙනවා හොඳටම
ලැජ්ජා නැද්ද මුහුදට ගඟක් නවතන්න බැරි එක
ගඟ ගණන් නොගෙනම ගලා යනවා ගැඹරට
කිමිද දිය ගැඹරත හිනාවෙනවා හොඳටම
____________
කාර්යාල කියන්නේ කොල්ලකරුවන්ය ජීවිතේ
කොල්ලකරුවන්ය ප්‍රීතියේ
Picture - Kazuo Kasai
හොඳ අදහසක්.. කලින් හුඟක් ඒවා වගේම මට හරියටම දන්නේ නෑ කඳු කියන්න හදන දේමද මම කියවලා තේරුම් ගන්නේ කියලා. කොහොම වුනත් කමක් නෑ. අනික කාර්යාල ගැන මගේ හැඟීම නම් ඒවා මහ කම්මැලි මෝඩ මිනිසුන්ගෙන් පිරුනු කිසි කමකට නැති තැන් බව ය.
ReplyDeleteමං කියන්නේ කාර්යාලවල ඉන්න මෝඩ තකතිරු මිනිස්සුනට විරුද්ධව මහ ජනතාව කතා කරන්න ඕනි. කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ කරන්න ඕනි. ප්‍රමාදවීම්වලට හඬ නඟන්න ඕනි. කාර්යාලවල ඉන්න හොඳ මිනිස්සුන්ට ඒ ගැන කතා කරන්න තියෙන අවකාශ අඩුයි. මිනිස්සුන්ට සිද්ධ වෙනවා ඒ වෙනස කරන්න ඉදිරිපත් වෙන්න. සංවිධාන වශයෙන් හරි. අපට පුළුවන් ඉන්න බැරි නම් දමල ගහල එන්න විතරයි. සමහර නිලධරයන් ආයතන පවත්වා ගෙන යන්නෙ තමන්ගෙ තනි බූදලයක් වගෙයි.
Deleteකඳු අක්කගෙ හිත රිදිලා වගේ කියල හිතෙනවා
Deleteකාර්යාල ගැන නං සූරිගෙ කතාව ට මාත් එකගයි. මෙහෙත් එකගයි. ඒත් අවුල තමා අක්ක කියනව වගේ හොඳ කියල ජාතියක් මේ ඔපිස් වල නැති එක..
Deleteඔය ප්‍රමාද වීම් වලට හඩ නැගුවා කියමුකො. ඒ විරුද්ධත්වයට ලක්වුණ එකාම නැතත් වෙන එකෙක් හරි ඒ ඇරියස් අලලනව. ඒකයි දැං සිස්ටම් එක වෙලා තියෙන්නෙ
මදෑ! දැන් මේ කට්ටියම කියන්නේ මමත් නරකයි කියලද? :)
Deleteකමෙන්ටුවේ පැහැදිලි කිරිම නම් සැහෙන්න බයානකයි !
ReplyDeleteඅයියෝ කඳු අක්කෙ, අර සීනියර් පප්පි දොර අරින්නෙ නැතුව හිටපු දවසෙ "ඇරපිය දොර... ^@(^&!(^(^(^!(ඵ්!(!(!^!$^#^&&*(()____" කියල කෑ ගැහුව වගේ සද්දයක් දැම්මනම් මුලු ඔපීසියම සරෙන්ඩර් වෙයි..
ReplyDeleteලොකු ළමයි වෙන කොට එහෙම කරන්න බැහැ! :)
Delete