
ඔබ අහනව නම් ඇත්තම ඇත්තට
ඔබ තරං මිහිරි රහසක් නෑ
කියාගන්න බැරි වී ළතැවුණ
සඳ ගිලෙනව නම් මුහුදේ ඇත්තම ඇත්තට
පෙරඹර අහසේ මැවෙනා රඹවන් සිත්තම?
නිල නිලනව නම් හරිත නිම්න කඳු ඉස් ඔක්කොම
නී රළ මත සුමුදු සිනා කැලතෙන ලස්සන
ඔබ අහනව නම් ඇත්තම ඇත්තට
ගිම්හානය එන කොට මල් සූරා පොළොවට
වස්සානය වසන්තයකි කලඹන නිල'ඹර
ඔබ හොයනව නම් මිහිරි රහස තනිවම හිනැහෙන
සුවඳ නුඹය සියපත හද විල මත විකසිත
ඔබ අහනව නම් ඇත්තම ඇත්තට
Picture - Aldo Balding
ගිම්හානයේ ගිමන නිවන්නට
ReplyDeleteසූරා නොදා මල් රැකගන්න
තනියම ගිමන් නිවන විට
කාන්සියක් දැනේවිද හිත් කොනට
ඇතැම් විට රැක ගත නොහී
Deleteමල් නොව තුරු පතකුදු මිතුර
හරිම අපූරැයි....
ReplyDeleteමෙන්න මම අන්තිමට ලියපු එක.
http://suriyagedinapotha.blogspot.com/2015/06/blog-post_26.html
ඔව්, ලස්සනයි එය
Deleteමොකටද පළඳන්නෙ පැරණි මුතුපොට
ඔබ අහනව නම් ඇත්තම ඇත්තට..
ReplyDeleteඅරුමැසි සිත්තමක් ගොනු කල පද හතරකට..
ඇත්තට!
Delete