Friday, June 26, 2015

ඔබ අහනව නම් ඇත්තම ඇත්තට



ඔබ අහනව නම් ඇත්තම ඇත්තට
ඔබ තරං මිහිරි රහසක් නෑ
කියාගන්න බැරි වී ළතැවුණ

සඳ ගිලෙනව නම් මුහුදේ ඇත්තම ඇත්තට
පෙරඹර අහසේ මැවෙනා රඹවන් සිත්තම?
නිල නිලනව නම් හරිත නිම්න කඳු ඉස් ඔක්කොම
නී රළ මත සුමුදු සිනා කැලතෙන ලස්සන

ඔබ අහනව නම් ඇත්තම ඇත්තට

ගිම්හානය එන කොට මල් සූරා පොළොවට
වස්සානය වසන්තයකි කලඹන නිල'ඹර
ඔබ හොයනව නම් මිහිරි රහස තනිවම හිනැහෙන
සුවඳ නුඹය සියපත හද විල මත විකසිත

ඔබ අහනව නම් ඇත්තම ඇත්තට

Picture - Aldo Balding

6 comments:

  1. ගිම්හානයේ ගිමන නිවන්නට
    සූරා නොදා මල් රැකගන්න
    තනියම ගිමන් නිවන විට
    කාන්සියක් දැනේවිද හිත් කොනට

    ReplyDelete
    Replies
    1. ඇතැම් විට රැක ගත නොහී
      මල් නොව තුරු පතකුදු මිතුර

      Delete
  2. හරිම අපූර‍ැයි....
    මෙන්න මම අන්තිමට ලියපු එක.
    http://suriyagedinapotha.blogspot.com/2015/06/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ඔව්, ලස්සනයි එය
      මොකටද පළඳන්නෙ පැරණි මුතුපොට

      Delete
  3. ඔබ අහනව නම් ඇත්තම ඇත්තට..
    අරුමැසි සිත්තමක් ගොනු කල පද හතරකට..

    ReplyDelete