
මල් උයනක ගං ඉවුරක මුණ ගැසුණහ ඔවුහු
'මම ඔබ කඩා බිඳ නැවත තනමිය' එකල්හි කීවේය ඔහු ඇයට
නගර ප්රාකාරයක තැනි බිමක මුණ ගැසුණහ ඔවුහු
එකල්හි කීවේය ඔහු ඇයට 'මම ඔබ කඩා බිඳ නැවත තනමිය'
ගඟ ගලා බැස්සේය නිහඬව, උණ පඳුරු පවා 'හ්ම්' හඬක් නොනැඟීය
අත ගලවාලන්ට බියෙන් මෙන් සුළඟ අල්ලා සිටියේය තුරු පෙළ
දරා ගත නොහී අතු බිඳෙන්නට විය තුරු ඉදිරී මහ පොළොව බමන්නට විය
දුරකථන සංඥා පවා භීතියෙන් සැලෙන්නට විය
'මම ඔබ කඩා තනමිය' 'මම ඔබ කඩා තනමිය' එක හඬින් අකුණු ගසන්නට විය
විදුලි සැර වැදී හිටි වන පොළොව ඉරි තැලෙන්නට විය
හිටිහැටියෙ කඳු නාය ගිය පසු බෙලිතෝර වැසි නිවෙන්නට විය
කුඩා තාරකා'ළියක සැඟවී සේපාලිකා මල් පිපෙන්නට විය
Picture - Stolyarov Vadim
සේකරවයි මතක් උනේ හෙඩිමෙන්
ReplyDeleteසේකර කියන්නේ සඳද?
Delete“මම නුඹව කඩා බිද දමා අලුතින් නිර්මාණය කරමි“
Deleteකවියා සමාජයට කීවේය.
එබසට සමාජයට සිනා ගියේය.
“මම නුඹව කඩා බිද දමා අලුතින් නිර්මාණය කරමි“
සමාජය කවියාට කීවේය..
ප්රබුද්ධ
මට මතකයක් තිබුණෙ නැහැ ඒක. මෙහෙම ලියැවුණේ කලින් කවියේ අදහස් දැක්වීමකට පිළිතුරක් විදිහට.
Deleteප්රබුද්ධ කියන දේ තමයි වෙන්නෙ අන්තිමට. නමුත් සමාජයටත් බැහැ එහෙම කරන්න..