වහින්නට යැයි කියූ කල
සිනාසෙන්නට පැතූ සඳ
එක සිනාවක නැතිව නික්මිණ
වසන්තය එන බව කියූ කල
නුබ අරා ගිනි වැදෙන්නට විය
මලින් මල තුර'ගිස මලින කර
වසන්තය දුර ඇදෙන්නට විය
බඹර තුඩකට පිදුණු ආලය
මුවින් මුව ගුමු නඟන්නට විය
රිදුණු හිතකින් වැටුණු කඳුළට
දනන් දන මිල තබන්නට විය
Picture - Prokazov Boris
සිනාසෙන්නට පැතූ සඳ
ReplyDeleteඑක සිනාවක නැතිව නික්මිණ
මේකට නම් අැඩෙනවා....
බඹර විසින් පෙළුණු ආල හිත් වලට අඩු ලංසු තියන්න තමයි ගොඩාක්ම දෙනෙක් බලාගෙන ඉන්නේ සමාජේ. අපූරුයි කඳු!
ReplyDeleteඔහොම තමා කදු..... තේරුම් ගන්න අමාරුයි
ReplyDeleteකවදත් වගේ විශිෂ්ට පබැදුමක්
ReplyDeleteඔබට ජය කඳු!