
විසල් කඳු බඳ විසල් කඩතොලු
රිදී පාටට ගලා යයි ගංගා
ගිරි ශිඛර බිඳවා මිහිදුමින්
භූ ඵලක පුරවා
වර්ෂාව ඇස් දෙකේ හංගා
ගලා යයි ගංගා
කම්පනය කර ඉවුරු තුරු පෙළ
මලින් මල මන්දාරමින් පොරවා
පුබුදුවා දිය පොවා සෙනෙහෙන්
ගලා යයි ගංගා
ඔහේ රොද බැඳ ගලනවා මිස
ගඟ දියෙහි සුපිපේද පියුමම්බා
කුරුලු කිචිබිචි අතරමඟ හැර
ගලා යයි ගංගා
Picture - Ransirimal Fernando, Canadian Rockies
අදත් කියෙව්වා.. ඒත් මීට පස්සේ හිතෙන දේ කොමෙන්ට් කරන්නේ නම් නෑ.. :)
ReplyDeleteඇතැම් කල පිළිවදන් අපහසුය
Deleteක්ෂමා විය යුතුය