
බක් මාසේ මල් බක් මල් පිපෙන්නේ
කොහා ඇවිත් තුරු 'ගිස ගී ගයන්නේ
නංගීටයි කැවුම් අතිරස මවන්නේ
තව නව මාසෙකින් මවු බව ලබන්නේ
අකුණු තුඩින් කණ අග පිපිරී නොයමි
පොකුරු පිටින් මල් නොපිපෙන හැටි දකිමි
සතුරු මුවින් එක කඳුළක හෝ නොවෙමි
අසුරු සැණින් බග සඳ කඳුළින් වසමි
කඳුළු තරං මිතුරෙකු සිටියෙද දිවිය
කිසිදු වරම් නොම විය පුද දුන් දෙවිය
දෙවිඳු ඉඳින් මා හද කුස විල වියන
මවනු බැරි කිමද නිල් මහනෙල් උයන?
Picture - Paintings of Jane
//කඳුළු තරං මිතුරෙකු සිටියෙද දිවිය
ReplyDeleteකිසිදු වරම් නොම විය පුද දුන් දෙවිය
දෙවිඳු ඉඳින් මා හද කුස විල වියන
මවනු බැරි කිමද නිල් මහනෙල් උයන?//
පට්ට !
ස්තූතියි!!!
Delete