මවුවරුන් සහ දරුවන් සිටින
විශ්වයම එකම වේදනාවකි
මවක නොවීමේ දුක පමණමය
මවක වීමේ දුකද බය
හුස්ම ගණන් කරමින් සිටින විට
උත්තර ධැරවය මෙනි සිත
ගිලෙන කිසිවක රසක් නොදැනෙන
වේදනා එනනත් කළ ඇසිල්ලක
අහිමි වේ යැයි දැනෙන බිය
මහමෙරට වඩා විසාලය
විශ්වයේ ගැඹුර සොයා ළත වෙන
විද්වතුනි ඇසිය යුතු මවකගෙනි එය
දරුවන් ලද සහ නොලද
මවකගේ සෙනෙහස දුකද බය
විශ්වයේ ගැඹුර පමණ සහ
ඊටත් ටිකක් වැඩිපුර!
awesome...
ReplyDeletethank you..
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeletehttp://ahasgawwenehalokaya.blogspot.com
ස්තූතියි!!
Deleteමම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com
ReplyDeleteඅකැමැත්තක් නැහැ.. ස්තූතියි යෝජනාවට!
Delete