
ඔහු මිය 'ගියේය'
ඔහු ගිය පසු කිසිවෙකු
ඇවිද ගියේ නැත
අලුත් වූ ලේ සලකුණු මත
ඔහුගේ දින සටහන් පවා
පැහැර ගත්තෙහිය ඔවුන්
විශ්වයෙහි කළු කුහරය මත
රැඳී ඇත ඔහු පා සටහන්
තාරකා එළි මෙන් පත්තු වී නිවෙයි තවමත්
වැළපුණු සංඥා එළි මෝටර් රථය මත
බොහෝ මිනිසුන් බොහෝ තැන්වල
මරදාන ගාමිණී හෝල් බොරැල්ලේ
කොටුව පිටකොටුව තුම්මුල්ලේ
වැඩකරමින් සිටින අතර - ඇවිද යන අතර
ටවුන්හෝල්වලදී ඔහුගේ හිසට වෙඩි තැබූහ ඔවුහු
මිනිසුන් කෙත්හි වපුරන කල නෙළන කල
උස් කඳු මුදුන් නිහඬව විඩාලන කල
ගංගා හීන්දෑරිව ගලායන කල
විසන්ධි කළහ ඔවුහු ඔහු, 'ඉතා පහසුව'
කෑරලුන් දහසක් කෑ ගසා ඉගිල ගියා මිස අහසට
නිශ්ශබ්දය සියලු දෙය
සියලු දෙන ඇවිද යන මහ-මඟ
මිනිසෙකු වෙඩි තබා මරා ගිය රටක
ඉනික්බිති නිශ්ශබ්දතාව..
මරණය තරං සීතලය
නිශ්ශබ්දතාව මිනීමරුවෙකිය
Picture - Joseph Zbukvic, Australian
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDeleteස්තූතියි.. ඔව්, එන්නම්.. ඔබ ලියන දේවල් කියවන්න.. ඒත්, මේ මොහොත වෙනවිට කාලය, විවේකය අතරේ කිසිදු හිඩැසක් නොමැති තරමේ හිරවීමක.. ඒ ගැන සමාවන්න..
Delete