
මැදී දිස්න දෙන රන්වන්
යතුරු කැරලි හුරු පුරුදුය
පතා ඇවිද යමි සුපුරුදු
සෙනෙහෙබරිත වැළඳගැනුම
මේ විශාල වේදනාව
මේ විශාල බියකරු බව
අත් ඇතැරුණු හිස්කම මත
දැරුමට හැකිවෙද, නොහැකිව
අහුමුලු මත වැතිර වැතිර
දීර්ඝ වෙයි,
කඩතොලු මත පා තබමින්
මඳ අඳුරෙහි දියව දියව
සුපුරුදු වුණු සඳ එළියෙහි
සෙමින් විවර කරමි කවුළු
තුරුපත් ගෙන මහ රෑ මැද
සක්මන් කරනා සුළඟෙහි
වැතිර හිඳිමි ගොම පොළොවෙහි
බදා වැළඳගෙන නිජබිම
මේ නිවහන හිස්ව මෙලෙස
හුරුපුරුදුද නොම අසන්න
අත ඇරීම ගැන කියන්න
එපා තවත් කවි ලියන්න!
Picture - Pamela Alderman, American, Standing in the Wind
No comments:
Post a Comment