Tuesday, May 1, 2018

ඔබ හදත් මිහිරි වෙද එපමණ


ගණ අඳුරු දිනවල
සුවපත් කරයිද කොතරම් ඔබ මා
තාරකා වැස්සක් වසින්නාක් මෙනි මැදියම
'මොකින්බර්ඩ්' කුරුල්ලෙක් ගයන්නාක් මෙන් ගීතම

ඇසෙයි ගන්ඨා නාදය - සුමිහිරිය
දොළ පහරවල සිලිසිලි - තණ බිම් මතින් හාවුන් ඉගිල යන හඬ
සීනුවක් කලඹා ගියා මෙන් - වැයෙන යුවතියක හද
ඔබ හදත් මිහිරි වෙද එපමණ
කරුණාවන්තද එය ගයන ගීතය?

Picture - Alexei Stepanovich Stepanov, Russian, 1858 - 1923, Unknown Title

8 comments:

  1. හැමදාම ඔයාගේ බ්ලොග් එකට ආපු ගමන් කියවන්නේ දකුණු පැත්තේ උඩම තියෙන කවිය ,ඒකට මං ආසයි. ඒ වගේම අද ලියලා තියෙන වචනත් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔමායා!!!

      Delete
  2. අහන්නම ඕනි ප්‍රශ්ණයක්.. :)

    ReplyDelete
    Replies
    1. කවුරුත් සවන් දෙන් නැති ප්‍රශ්නයක්!

      Delete
  3. In the days of total darkness
    How consoling you are to me,
    Like a shower of stars in the middle of night
    Like the singing of a Mockingbird.

    The sound of bells are sweet.
    So are the gurgling of streams,
    The sound of rabbits flying over meadows, and
    A girl's resonating heart , left agitated by the
    Sound of a bell.
    Is your heart sweet as much?
    Is its song so kind?

    ReplyDelete