
"කලාකරුවන් කරන්න ඕනෑ කලාව. මොන පිස්සුවක්ද මේ!"
- මිත්රයෙකුගේ කියමනක්
සූරා දැමුවාට පසුවද
සමනල පියාපතක්
ඔබට සිතුණේ එහෙම!
කලාව කරන්නට
තිබේද වෙනත් ලෝකයක
වෙනස් වූ ඉඩකඩක්
වියැට වපුරා කවර පලයකිද
ගලා යන ගඟ දියට
සැකසූ කුඹුරකට මිස
කුඹුර නොසලකා බයාදුව
කතරකට ආවැඩිය හැකිද ගොවියෙකුට
එනයින්ම නොසලකා කුඹුර
වියැට විසි කළ හැකිද ගඟකට
පුබුදන්න තිබේ නම් කුසුමක්
පොහොණි කළ යුතුය පොළොවක්
හුස්ම ගන්නේද අකුරක්
ලිවිය යුතුමැය කවියක්!
Picture - Anatoliy Koncub
ලියයුතුද යම් කලෙකත්
ReplyDeleteමෙයද අගනා පැතුමක්!
පට්ට බන්
ReplyDeleteස්තූතියි බන්
Deleteඑසේමැයි! එකඟයි! කලා කරුවන් කල යුත්තේ කලාවමැයි!එසේමැයි! එකඟයි!දස දහස් වරක් එකඟයි!
ReplyDeleteඑසේ වුවද මා මිතුර...කලාව කිරීමට ඒ හා සුදුසු දේශයක් තිබිය යුතු නොවේද? සහසක් මල් පිබිදෙනුයේ සරුපසක මිස කතරක නොවෙන බව ඔබට අමතක විනිද?
නිහඬ සටන් කරුවෙක් වගේ හිටියට නිහඬමත් නෑ කියල කඳු අක්ක මේ දවස් වල අපිඔක්කොටම ඔප්පු කරනවා....ජය වේවා සොහොයුරිය......
ReplyDelete:) ස්තූතියි!!!
Deleteකදු සුභම සුභ නව වසරක් වේවා................
ReplyDeleteඔබටත් උදාවන නව වසර ප්රීතිමත් වසරක් වේවා!!!
Deleteස්තූතියි හැමෝටම!
ReplyDeleteඔවුන් වෙනුවෙන් හඬක් නැගිය යුතුම අවස්ථාවක් මේ. අපූරුයි අක්කා.
ReplyDeleteසුභම සුභ නව වසරක්!
ගොඩක් දවස්වලට කියවලා නිහඬවම ගියාට හැමදාමත් මම කඳු අක්කගෙ අකුරු වලට ආදරෙයි.
ස්තූතියි!!! ඔබටත් ප්රීතිමත් නව වසරක් වේවා!!!
Delete