
ඤාණ ප්‍රභාව ප්‍රලේඛන ප්‍රතිභා
බුද්ධි සුභාව විද්‍යාව කලාව
ඔසවමු අප දෑතින්
ගීත සුගීත සුභාවිත විද්‍යා
කීර්ති සුලක්ෂණ නිමැවුම් ධාරා
තෙලිතුඩ පන්හිඳ සල රූ මාලා
නව්‍ය විභූතිය විදු දිය සීරා
සුරකිමු අප සෙවණින්
ඔසවමු අප දෑතින්
රට දැය නැඟුමට මං පෙත් පාදා
නැණ ගුණ මණ්ඩල රැක එක සේමා
අපි මුළු ලෝකෙට පහනක් වන්නෙමු
පහනේ එළියෙන් තරු දල්වන්නෙමු
දල්වමු නැණැස් පහන්
රැක දෙමු මිනිස් දහම්
Picture - Landon Mackenzie (Canadian, b. 1954), Simulator Neurostar, 2012
No comments:
Post a Comment