Wednesday, December 24, 2014

ස්වර්ග රාජ්‍යය ලබා දෙනු මැන!



* සක්‍රීය ලෙස දුරකථනයක් භාවිත කිරීමට නියම වෙයි.

කථනය ගඟට විසි කර
බෝ කලක් ගෙවුණි සකිසඳ
දියට වන් කල හස වසඟ මිස
වුණිද කිසිවක් රළ කලම්බන
කුරුලු ගීයක් මිසක සුන්දර
නිදන කල සිත නඳන කර නැත
සිඳඟනට මිස නොආ හැකි විය
නිදන කුටියට බිළිඳු කඳුකර
කඳු පලස් මත අතුරනා කල
නුබ ළඳුන් සිය දිය පෙරෙන කෙස
මගේ හදවත තබන පියහඬ
ගීතයක් වී වැයුණි වන ගැබ
පියාණෙනි දැන් මා මුදා හැර
ස්වර්ග රාජ්‍යය ලබා දෙනු මැන!

Picture - Feng Chiang Jiang

4 comments:

  1. හොඳ වැඩේ...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. මම කැමති නැහැ දුරකථනයකට යටත්ව නිදහස භුක්ති විඳින්න.

      Delete
  2. හ්ම්................... ඒක මලවදයක්...............

    ReplyDelete
  3. හුදෙක් කවටකමක් පමණි...ජංගම දුරකථනයක වාසි මෙන්ම අවාසිද බොහොම තියනව. අපේ නිවාඩුදවස් වලටත් අපිට දුරකථනය ක්‍රියාත්මකව පවත්වාගත යුතුය යන නොනිල සම්මුතියක් තියනව. නිල නියෝගයක් නම් ඊට විරුද්ධ විය හැකියි.ඒත් සුහද / නොනිල සම්මුතියක් නිසා එකඟ වෙන්ට වෙලා තියනව. අපේ රැකියාවෙ ස්වභාවය අනුව එහෙම නොකරත් බැහැ එක අතකට.

    ReplyDelete