
මුහුදු දිය හා බද බදා පොර
කුමක්දෝ ඔබ ගයන්නේ
සිතාරය අත අවුලුවා
හිත බිඳ බිඳා..
කැඩුණු තත් අග නොලිව් කව් පැදි දහසක්ය
බිඳුණු හිත් ළඟ කඳුළු කඳු මුහුලක්ය
මුහුලක්ය මුදුනක්ය මුහුදක්ය
හඬන සිත - කවියක්ය
ලියෙන පද අග මිදෙන තරමට සුසුමක්ය
කියන කවි ගී අතර ලිහි සුවඳක්ය
සුසුමක්ය සුවඳක්ය සුළඟක්ය
බිඳුණු පෙම - සයුරක්ය
Picture - Andrew Astrochenko
අනර්ඝයි මට නම්. වෙනස් වෙනදට වඩා ගොඩක්
ReplyDeleteමේ පාර ලියැවුන කවි නම් එකකට එකක් දෙවැනි නෑ කඳූ... <3
ReplyDelete