
'කවි ලියන්නට බෑ'
රෑට පාඩම් මේසයේ
ගොඩ ගැසූ පොත් කෑ ගසනවා
මේ තත්පරෙත් මට ඕනෑ
කෙටි සටහන් හුස්ම ඇද ඇද කියනවා
දවාලෙට කන්තෝරු වැඩ පිරෙනවා
හිතට එන ඉස්පිලි පවා
එක හුස්මකින් මකනවා
නළලතම රැළි නැඟෙනවා
කඳුළු විතරක් වැටෙන වැස්සට
පනින්නට මට හිතෙනවා
මැකෙන්නට පෙර සියලු වැහි බිඳු
උරා බොන්නට හිතෙනවා
Picture - Mihai Olteanu
හිතිලා නවතින එක හොදයි..නැත්තං පැනලා මැරුනොත් තව මලගෙයක් නෙව..අපිට නිවාඩු නැහැ.
ReplyDeleteනිවාඩු තිබ්බොත් මළ ගෙදර එන්නකො එහෙනං..
Deleteඅකුරු එකමයි
ReplyDeleteඒත්
අරුත විසමයි