
පැතු පැතු දේ හිමි වීම
සිහිනයක් නොවන කල
ලියා තැබිය යුතුය එය
ඉගෙනීමට මතු ඔබට
දුර බැහැර ඈත සිට
ආ ගමන යනෙන තැන්
සිතා බැලු විට නැවත
පුදුමයක් කියන්නේ වෙන කවුද
මම ම මිස
කිහිරඟුරු මැදින් පා තබා ආවෙමි නිබඳ
බිම හෙලූ හැම විටම නැගිටුණෙමි දණින්
හැඬූවෙමි විය නොහැකි සියලු දෙය වන කල
එහෙත් බිඳ නොගත්තෙමි පුරුදු පිරිසිදුකම
උගත්තෙමි පසුව මැනවින් සිනාසෙන්නට
කඳුළු වුව මා මඟැර ගලා යන්නට විය
ඉතා පහසු පාරවල් මඟහැර
බාර ගත්තෙමි පරාජය නිහඬව
එනයින් සතුට බාර ගත හැක්කේ
පිරිසිදු දෑතකින් හිනැහිහී
හිස් අතින් යනෙන තැන්වලදි වුව කුසුම් වරුසා ඉසෙයි
හද සොඳුරු මිනිස් ගඟ පෙමින් නිතොරම ගලයි
දිව්‍යත්වය කියන්නේ මේ මොහොතයි, ඔව්, එයයි..
Picture - Nattallia Shloma
මගේ සුබ පැතුම්!!!!!
ReplyDeleteපලි - දැන් ආයෙ බදුල්ලෙ යන්ට වෙන්නෙ නැත?...:)
ස්තූතියි ස්තූතියි!!!!!
Deleteප.ලි. - හොඳ වෙලාවට මේකට සිංහල ප්‍රශ්න පත්‍රයක් නොතිබ්බේ.. හැමදාම සිංහල ෆේල්නේ..
සුබපැතුම්!...
ReplyDeleteස්තූතියි!!!!
Deleteහා ඒනං ඒකයි දැං වැඩියපේන්න නැත්තෙ ජොබක් සැට්ටෙලා... එල එල...
ReplyDeleteලෙසටම කරගෙන යන්න...
කවියත් පට්ට ඈ...
ජයවේවා
ස්තූති වේවා!! :)
Delete‘‘ඉතා පහසු පාරවල් මඟහැර
ReplyDeleteබාර ගත්තෙමි පරාජය නිහඬව
එනයින් සතුට බාර ගත හැක්කේ
පිරිසිදු දෑතකින් හිනැහිහී
හිස් අතින් යනෙන තැන්වලදි වුව කුසුම් වරුසා ඉසෙයි
හද සොඳුරු මිනිස් ගඟ පෙමින් නිතොරම ගලයි
දිව්‍යත්වය කියන්නේ මේ මොහොතයි, ඔව්, එයයි..‘‘
අගෙයි... ආඩම්බරයි.. සතුටුයි... සුබ පැතුම් නැගණි...
ස්තූතියි.. ♥
Delete