මම හිස්තැනක් වෙලා ඉන්න කාලෙක
ඔබ ඉන්නවා හිනා වී ගෙන
ඔබ හිස්තැනක් වෙලා ඉන්න කාලෙක
මම ගඟක් වගේ පිරීගෙන
ඉතින් අපි හමුවන්නෙ කොහොමද
ඔබ ඉන්ද්‍රචාපයක් කඳු මත
මම දුමාරයක් මිටියාවත
ඔබ ගඟක් වගේ ගලන විට සයුරට
මම විලක් නිම්නයක තනිවුණ
ඔබ නැව් තොටක් දුර ඈත හිනැහෙන
මම තොටු පොළක් ගඟ ඉවුර තනිවෙන
ඒත් ඇති එකම පුදුමය
ඔබමයි ම'හද ඔපෙරාව මිමිණෙන
Picture - Sergei Belov
ලස්සනයි
ReplyDeleteThanks ♡
DeleteYour poems are a relief to stress....
ReplyDeleteThank you ♡
Delete