watch JUSTICE
බලවතුනට රන් පෑනෙන්
දුගියන් හට රත් කෙවිටෙන්
යුක්තිය හප ගා මිරිකා
සත්‍යය මිය ගිය දවසක
යාරා ගං ඉවුරත හිඳ
මම හැඬුවෙමි ඉකි බිඳ බිඳ
නීතියෙ රන් දේවතාව
වසමින් රන් මංජුසාව
දියාරු වුණු දුක් කඳුළක්
ගඟ දිය වෙත විසි කළාය
නීතිය සෘජු වී වියරුව
කඳුළු පෙරෙන නෙතු සඟලත
නීතිය වක් වී මිය යයි
මිරිවැඩි සඟලත පතුලත
- ෂසිකා අමාලි මුණසිංහ
No comments:
Post a Comment