බට පඳුරු අතරින් ඇදී එන සීතල සුළඟෙහි සරසරය
ඉගිලෙයි කිරලෙක් දෙදෙනෙක් අහස වෙත
වසන්තයෙ අග හරිය ගැන සොවින් වැළපෙන මෙන්
තරු කැට බිඳ හැලෙයි පහළට
ඉතා දිගු නිහැඬියාවක උදහසින් දිදුලන ඇස් අතර
හිම කැටියක් වගේ දියව යන හැඟුම්
එක පන්තියකින් අනෙක් පන්තියකට
ගිම්හාන සෘතුවෙන් පසු මට යළි යළිත් සිහි විය
ධාන්‍ය අහුරක් වගේ ඔබ මගෙ සිතේ පැළ වුණු බව
Picture - Light+Shade,
http://bit.ly/1N0WjAY
සිරිසිරිය මේ දැං ඇහුනා වගේ දැනුනා
ReplyDelete