
Written by Manel Kusum Renu Fernando
සමුදුරු කීපයකින් ඈත
දේශයක හේමන්ත කාලයයි, මේ වගෙම
ගැහැණු පිරිමි ළමා ළපටි
එහා මෙහා ඇවිදිති උද්‍යානයක
බිම විසිරි තුරු පත් මතින්
කහ තැඹිලි රතු පෑති
තරුණියන් රෑනක්
සිනා මුසු මූණින් කැමරා කාචයකට එබීගෙන
රතු පෑති ජපන් මේපල් තුරු යට
නිදන දිව්‍යත්වයෙන් මත් වී
නටන යුවතියක ඇස්
කොහොම නම් සිර කරන්නද
සුන්දරත්වය ගෙන දෑලට
සුළඟ හා නැළවෙමින් ගිලිහෙන
පත් විසිර යන කල ඈතට
දිවයයි ඈ අහුලනු පිණිස පත්
සඟවයි කීපයක් පොතක පිටු අතරත්
"ඈටත් ඇති මට වගෙම යෙහෙළියක්
මේපල් පතකටත් පෙම් බඳින යෙහෙළියක්"
මට සිතෙයි
මේ සියලුම දසුන් මට ඔබවම මතක් කරවන
සයුරක කුඩා බිම් තිතක - පුංචි නුවරක වසන
ඔබවම මතක් කරවන
Picture - Laura Nydia Lozano
හරි ලස්සනයි...................... ජීවිතය ඔහොම තමයි... එකම දේ හැම තැනම එක එක වෙලාවට වෙනවා කදූ....... ඒ හැම එකක්මත් ජීවිත.... ඒකයි අපි එකවගේ වෙන්නේ..............
ReplyDeletehm..
Deleteස්තූතියි!!!
ලොකේ හැමතැනම ඉතින් ඉන්නේ පිටින් වෙනස් ඇතුලින් එක වගේ මිනිස්සුනේ?
ReplyDeleteලස්සනයි!!
ස්තූතියි!!
Deleteප්‍රංශ යුවතියන් සිහිවිය මට
ReplyDeleteමොන කරුමයක්ද, ගිහින් ගිහින් ප්‍රංශ කෙල්ලක් එක්කම යාළු වෙන එක :(
Delete