Thursday, April 10, 2014
එහෙත් මා හඳුනන අයෙක් සිටිනවද නොදනිමි.
නැගෙන සියලු කඳුළු
සුසුමකින් වියළවා ගනිමි
කිසිවෙකුත් හා කතා නොකරම
දවස අවසන් කරමි
මෙවන් දවස් කොතෙකුත්
ගණනය නොහී ගණනක්
නිම කර තිබෙනු ඇත අප
සංසාර ගම්මාන තුළ
හද සංවාද නොවුණද
මුද්‍රා වැදේ දිනකට නොයෙක් වර
මගේ නම සහ රැගෙන තනතුරු
විරිත්තයි මට ම නොවියළි තීන්ත
දිළින්දනි,
මා මෙතරම් දිළිඳු කළේ
හිතක් පපුවක් නැතිව
මා සූරා කෑ ඔබ නොවෙද
එහෙත් මම නො අසමි
"යාළුවා නිසා ඔයා නම් සල්ලි ගන්න එකක් නෑනේ.."
"හදිස්සියක්.. සීල් එකත් අරන් එන්න පුළුවන්ද?"
"පොලිසියට යන්ද මා එක්ක?"
මට මිතුරෝ ගොඩයි
සිනහ වෙන අය බහුලයි
එහෙත් මා කවුදැයි දත් අයෙක්
සිටිනවද නොදනියි
පිස ලූ නමුත් ඔබ දුක් කම්කටොලු
මගේ එක කඳුළකුදු
ඔබ නොදන්නා හැටි අරුමයි
"ආනන්ද, ඔබ වටහා ගනීවි"
එක හඬක් පමණක් මට ඇසෙයි
Picture - Lee Bogle
Subscribe to:
Post Comments (Atom)
සහසක් දනන් මැද පාළුව දැනෙයි මට,
ReplyDeleteකඳුලක් රැඳි නෙතඟ සිහිලස රැගෙන එන,
එසඳ.... මුද්‍රාවක් පමණකිද මම?????
නොවමෙයි....... මුද්‍රාවක් මං ලේ , මස් කදුලින් පිරි.....
ReplyDelete