Tuesday, August 17, 2021

නික්ම ගොසින් අවසන් ඇය


නික්ම ගොසින් අවසන් ඇය
රෝස මලක් මෙන් මුදු ඇය
හෙමි-හෙමිහිට පාද තබා
මහ පොළොවට නොරිදෙන ලෙස

ඇගේ මිහිරි සුවඳ දැනී
කඳුකරයම මලින් පිරේ
වයයි ගීතිකා වාදන
විහඟුන් ඉර එළිය බි බී

Picture - Henry Roderick Newman, American, 1833 - 1918

2 comments:

  1. නැවත ලියවෙනව දකින එකත් සතුටක්..
    හැමදාම වගේ අපූරුයි

    ReplyDelete