
කන කෑමවල රසක් නොදැනේ
ගිලිනවා පමණි
අමෘතය ගෙන ඇවිත් දුන්නද
රස නැතිද සැකෙනි
වියෝ දුක් සන්තාප ඇවිලෙයි
නීතියද රතු ඉරෙහි බැබළෙයි
අහෝ අඳුරට ලියන කවි වෙයි
ඉතින් අපි හැමදාම පරදියි
දැවි දැවි රිදුම් දුන්නද අලු මතින් නැඟිට
උදා ඉර කඳු මතින් උදා වන 'යුර දකිමි
සිහිනයෙන් සිහිනයට පාලමක් නැති වුවද
හඬ නොවැළප නොවැට වීරියෙන් සිට ගනිමි
Picture - George Inness, American, 1825-1894, Spring Blossoms, Montclair, New Jersey
කලකිරීමක් පමනද ඉතිරි අවසන...
ReplyDelete:)
Delete