Thursday, July 2, 2015

සඳ පිපෙන හැටි හසරැල් අරන්



මිණිදැදිරි වෙයි මල් කැකුළු
වසන්තය දෑතින් අරන්
හිත බිඳෙන පෙම්වතියේ බලන්
සඳ පිපෙන හැටි හසරැල් අරන්
සඳ පිපෙන හැටි හසරැල් අරන්

රළ පුරන හැටි කෙත් වක්කඩින්
කඳු නඟින හැටි කිරි කොක් සුදින්
අර අරුණ ඇවිදින් මැදියමින්
හිත පුරන හැටි දුටුවද පෙමින්

හිත කලඹ කලඹා මඳහසින්
මල් කිණිති පිපිලා අන්දරින්
පණ පුරන ප්‍රේමය කඳු ඉසින්
අර අරුණ ඇවිදින් මැදියමින්

Picture - Cesar Santos

3 comments:

  1. කඳු අක්කෙ මම මේකටත් මොකක් හරි කරන්නද :).

    කැමති නම් මෙන්න මේක පොඩ්ඩක් හදල දෙන්න "න්" කින් ඉවර වෙන්න අනිත් පද පේලි වගේ :)
    //මිණිදැදිරි වෙයි මල් කැකුළු//

    ReplyDelete
  2. මැදියමින් උපන් අරුණ ත්
    වියැකේවි හරි ඉක්මනින්...

    :(

    ReplyDelete