Thursday, June 18, 2015

රිසි නම් නුඹ



* "මම කියන විදිහට ඉන්න ඇයි උඹට බැරි?" පෙම්වතෙක් පෙම්වතියගෙන් අසනු ඇසිණි.

පෙම්වත
මරණයක්ද
ප්‍රේමය?

මා ඉන්න විදිහට
රිසි නම් නුඹ
පෙම් කරනු මැන

Picture - http://www.earthporm.com/20-lonely-little-houses-solitary-soul/

4 comments:

  1. කවදාවත්,කාවවත් වෙනස්කරන්නට උත්සාහ කරන්න හොද නෑ..හරි උනත් වැරදි උනත්

    ReplyDelete
  2. තොරතෝන්චියක් නොමැති සැලසුම් අතර
    මම නුඹ කඩා බිඳ දමා නැවත සදමියි
    ඔහු ඇයට කීවේය. ඇය නිහඬව සිටියාය.
    විවාහයට පසු
    තොරතෝන්චියක් නැතිව ඇය කියවන්නට වී අවසානයේ
    ඇය ඔහුව කඩා බිඳ දමා බිමට සමතලා කළාය.
    මම කිවිඳියක නොවෙමි. එහෙත් කඳුගේ පුංචිම පුංචං වදන් කීපය මා අවුස්සා දමා ඇත.

    ReplyDelete
    Replies
    1. කිවිඳියන් කියා වෙනම කොටසක් නැත; කිවිඳියක වීමට ඕනෑම කෙනෙකුට පුළුවන.

      මල් උයනක ගං ඉවුරක මුණ ගැසුණහ ඔවුහු
      'මම ඔබ කඩා බිඳ නැවත තනමිය' එකල්හි කීවේය ඔහු ඇයට
      නගර ප්‍රාකාරයක තැනි බිමක මුණ ගැසුණහ ඔවුහු
      එකල්හි කීවේය ඔහු ඇයට 'මම ඔබ කඩා බිඳ නැවත තනමිය'

      ගඟ ගලා බැස්සේය නිහඬව, උණ පඳුරු පවා 'හ්ම්' හඬක් නොනැඟීය
      අත ගලවාලන්ට බියෙන් මෙන් සුළඟ අල්ලා සිටියේය තුරු පෙළ
      දරා ගත නොහී අතු බිඳෙන්නට විය තුරු ඉදිරී මහ පොළොව බමන්නට විය
      දුරකථන සංඥා පවා භීතියෙන් සැලෙන්නට විය

      'මම ඔබ කඩා තනමිය' 'මම ඔබ කඩා තනමිය' එක හඬින් අකුණු ගසන්නට විය
      විදුලි සැර වැදී හිටි වන පොළොව ඉරි තැලෙන්නට විය
      හිටිහැටියෙ කඳු නාය ගිය පසු බෙලිතෝර වැසි නිවෙන්නට විය
      කුඩා තාරකා'ළියක සැඟවී සේපාලිකා මල් පිපෙන්නට විය

      Delete
  3. දෙන්නගෙම කැමැත්ත අකමැත්ත බලලා මැද මාවතක් තෝර ගන්න බැරිද?අනිත් එකාට බලේ පාන්නේ නැතුව

    ReplyDelete