Friday, June 5, 2015

ආලෝක තීරුවක් වගේ දියව යන මාවත්



විලෝ තුරුපත් වගෙයි ඔබේ කවි! ශෝකී නාදයක් අමන්දානන්දයක් දැනෙන්නේ.. රළ පෙළක් වගෙයි වැළපෙන්නෙ කැලඹෙන්නෙ! ධූමයක් වගෙයි පිච්චෙන්නෙ! වෙරළ තීරයක ඇවිදයන්නා වගෙයි, මිටියාවතක සැතපෙනවා වගෙයි! සුවඳ විතරමයි හමන්නෙ

ගනඳුරින් උත්ථාන වන තාරුකා එළියකි කැඹෙන්නෙ
ක්ෂිතිජ ද්වාරය හැර මාවවුලන්ය ඉගිලෙන්නෙ
පෙම් බඳින්නයි යන්නෙ වීණාවෙ තත් බිඳෙන්නෙ
දිය තාලි බිඳ ලැවැන්ඩර් මල් වගෙයි රළ පෙරළෙන්නෙ

ලප කැළැල් සැඟවු සඳක්දැයි සිඳු මුහුණ සංකාවක්ය රාත්‍රිය
ජාවාරම්කාර අන්ධකාරය ක්‍රීස් ක්‍රීස් හඬ මහ වනය ගිල ගනී
භද්‍රාමය ඇස් විටින් විට උදහස්ව වඩදිය කැලැත්තෙයි
උදහස පවා උදාසීනව වෙරළ මත වැළපෙයි

පිහියක් වගෙයි මතුවෙන්නෙ සම කපාගෙන යන්නෙ
කළු පාටය හදවත, කළු මැණික් බෙංගාලයෙන් මතුවෙන්නෙ?
දියවැල් පසුරු ගා මීන ඇස් දෙකකි පෙරළෙන්නෙ
පැරිසියේ විතරද සමුදුරට සමුදුරක් එක්වෙන්නෙ?

දියබත් වූ ඔසරිය මිරිකා හරින අහස, සීතලෙන් ගැහෙනවා අලු පාටයි කොළඹ
අවන්හල බිත්තියේ වැළපෙන වලාකුළු, මසාලා තෝසෙ මෙන් බොකුටු කරගෙන දිග ඇස්
උණුසුමක් කියන්නේ තනිකමක්, කෝපි කෝප්පෙත් සීතලක්
මසාලා තේ පිරුණු ඔබේ ඇස් ආලෝක තීරුවක් වගේ දියව යන මාවත්

Picture - Wang Yu-yuan

2 comments: