Saturday, April 18, 2015

දඬුවමකි ජීවිතය



මට මරා දැමිය හැක මා සිරුර
එහෙත් මට මරා දැමිය නොහැක
මගේ මවුගේ එකම දරුවා
එහෙත් මට මරා දැමිය නොහැක
බිරිඳ, අත් අල්ලාගෙන ආ
සමඟ සොඳ සැමියා
එහෙයින් සාපරාධීය මරණය
සිත සහ සිරුර අයිති නොම වන
දඬුවමකි ජීවිතය

Picture - Frode Nyboe

4 comments:

  1. ඒක ඇත්ත කොහෙන් හරි කොනක පැටලිලා අපි ගොඩක් දෙනා... :(

    ReplyDelete
    Replies
    1. පැටලුම් ලිහීමට නිතර සෝදිසි කළ යුතුය ඇතුළු සිත

      Delete
  2. මට මා අයිති නැති කල
    මම කියා කෙනෙක් කොයිද සකි සඳ ?

    ReplyDelete
    Replies
    1. 'ම'යනු දෙකක් ඉවත් කෙරුමට
      සංසාරයක් ගත වන කැත!

      Delete