Thursday, February 12, 2015

ඒත්, ඔබ තවමත් එතැන



උණුසුමින් පිරී යන විට සිත
ඔබේ මුදු ඇඟිල්ලක පැටලෙයි
විසි කරමි සිත අහකට
ජීවිතය මායාවකැයි සිහිවෙයි

ඒත්, ඔබ තවමත් එතැන
දැඩි ශීත, වැසි සුළං මැද
දේදුනු නොපායන
පාසලේ එරබදු ගහ යට

Picture - Graham Garken

1 comment:

  1. පිරිමි හිත් ගල් වගෙයි
    කියයි නිතරම කෙල්ලන්
    ඇත්ත තමයි
    ගලක් වාගෙයි
    කිසිම දවසක වෙනස් නොම වෙන
    අවු වැසි සුලං
    කුමක් අබියස වුව

    ReplyDelete