නිල් මල් බිසව්
යාදේද ඉතින් ගම්බිම්
මල් සිඳුණු උයන්
වියැකූ වැසිකම්
යාදේද ඉතින් ගම්බිම්
ගනඳුරක ගෙබිම් මිදුලස මල් බිම්
නුඹෙ සුවඳ ගෙනෙන මුදු සුළඟ සිඹිම්
මියුරස මධු පෙම් වියැකුණු මැදියම්
ගන රැයකදි මං ගන තිමිර ඉරම්
නිල් මල් බිසව්
අසන් මෙ'පවත්යාදේද ඉතින් ගම්බිම්
විල් මත මනරම් බොඳ කර හද මං
යාදේද ඉතිං ගම්බිම්
Picture - Charles Francois Daubigny
මේ පද රචනා කවදාවත් ගීත බවට පත්කරන්න උත්සාහ කරල නැත්ද? මේවයේ රසය උපරිමයි. ඒ රසය ගීයකින් මුලු සමාජයටම බෙදා දිය හැකියි.
ReplyDeleteමම උත්සාහ කරල තියෙනවා.. ඒත් පලක් නැහැ.. දැන් නම්, ඒ වගේ උත්සාහ කරන්නේ නැහැ.. මං හිතන්නේ මගේ ආත්ම අභිමානය ඊට වඩා බලවත්! අනෙක් අතට විකිණීම සහ අදාළ සම්බන්ධිතයන් සම්බන්ධයෙන් මා ශූන්‍යයක්. ඒත් ඇත්තටම මේ ගීත මට නම් අමරදේවයන්ගේ වික්ටර් රත්නායකයන්ගේ වගේ සුභාවිත හඬවල්වලින් ඇහෙනවා.. පද අතර කිමිද රස වින්ඳොත් ඔබටත් එහෙම ඇසේවි!
Delete\\මේ ගීත මට නම් අමරදේවයන්ගේ වික්ටර් රත්නායකයන්ගේ වගේ සුභාවිත හඬවල්වලින් ඇහෙනවා..//
Deleteඒක මම නිතර විඳින දෙයක්. කුරුටු ගෑ ගී පවුරේ රසවතුන්ගෙ පද රචනාවලදි මට ඕක ගොඩක් දැනිල තියෙනවා. වික්ටර් රත්නායකයන්ගෙන්, අමරදේවයන්ගෙන්, නන්දා මාලිනියගේ හඬින් මට ඒව ඇහෙනවා. ඒවා සැබෑවටම ගීත නොවෙන එක ගැන ලොකු කණගාටුවක් දැනෙනවා. අතීතයේනම් ගුවන් විදුලියෙන් හරි මේ වගේ පදරචකයන්ට අවස්ථාව තිබුනා. ඒත් අද.
අද කාලෙ ගීතය කියන්නෙ තනිකරම වෙළඳ භාණ්ඩයක්. :/
Deleteමොනවා කරන්නද ඒ ගැන.
පද රචනා වෙනදා වාගෙම අගෙයි කඳූ...
මේ කවියත් භාෂාව සහ ශබ්ද රසය අතින් වෙනදට වඩා වෙනස්. කඳු , ගිණි කන්දක් වෙලාද මන්ද.
ReplyDeleteවිවේක බුද්ධිය හිඟයි! :)
Deleteඑහෙම එකක් නෙවෙයි මම කිව්වෙ. මේ මම කැමති රටාවක්. ඉස්සර නම් මාත් ලිවිවා. දැන් මගහැරිල ගිහින්. ඒත් කවුරු හරි ලියනව දැක්කම පරණ ආදරය මතක් වෙනව
Deleteලියන්න.. ලියැවේවි
Deleteනවතන්නට බැරි වේවි!
විලෝ පත් වැළපේවි
නොනවතා වැළපේවි!
http://katusuhadawatha.blogspot.com/2014/12/blog-post_15.html
ReplyDeleteමෙන්න තවත් ඒ වගේ රචනයක්..
අගෙයි
Deleteමාර විදියට ලියනවා....මෙහෙම ගලපන්නේ කොහොමද?
ReplyDelete