
වෙනසක් ඇති කරමු! මවුබිම තහනම් කරනු ලැබ ඇති කවියන්ට තටු දෙමු! මිත්‍රවරුනි, පැමිණෙන්න අපි කතා කරමු.
කතා කරනු වෙනුවට කෙරෙනා දේවල් ඇති කොට
ලියනවා වෙනුවට ලියැවෙන දේවල් ඇති කොට
අඬනවා වෙනුවට ඇඬෙන දේවල් ඇති කොට
පැමිණෙන්න අපි කතා කරමු
සීතල කුණාටුවකදිත්
පන්නරය ලබන හැටි වානේ
එන්න, අපි කතා කරමු
මිතුරනි, පුවත්පත් කරනා
කොතරම් දුක්ඛිතද ඔබේ අකුරු
ව්‍යාජයන් පසුපස හඹා යන කල
සොයා ගත නොහැකි තරමට
ගනඳුරක්ද හදවත
හඬා වැළප ගෙවුණු යුගවල
සිටි නමුත් ඉන්නක් මෙන් සිටගෙන නොසැල එක දිගට
දියාරුව යන්ට නොදෙනෙක හදවත
මොනතරං අපහසුද දුෂ්කරද
මල් පවා නැවී ගඟ දියට
පෙති විසිර යන කල දිය සැඩට
ආදරය සෙනෙහස පවා
රිදුම් දෙනවැති මිතුර
දුයිෂෙන්ලා එලවලා ඈතට
රජවෙලා පල්හොරුන් ගුරු ගෙය
ඉහළ අස්සනින් තටු ලැබ
කවරක් උගන්නන්නෙහුද
සොරකම පටන්ගන්නා 'යුරුද
කුණාටුවක් වෙලා වත් අපට
පුළුවන්ද ශුද්ධ කරන්නට
තැන තැන ලෙය පිරුණු
කිණිසි තුඩු විසිරි බිම
එන්න, අපි කතා කරමු මිතුර
Picture - Ikenaga Yasunari (Japanese, Contemporary, b. 1965), Fifty full moon
එන්න, අපි කතා කරමු මිතුර
Picture - Ikenaga Yasunari (Japanese, Contemporary, b. 1965), Fifty full moon
කතාකර වැඩ කරමු,තනන්නට ඒ සොඳුරු ලොව.....
ReplyDeleteඔව්,
Deleteඅගේ අැති පද ටික........................... වෙනදා වගේම ලස්සනයි....
ReplyDeleteස්තූතියි!!!!!
Delete