
ටොක් ගස් වූයේ මොර ගස් සෙවණින් මෙපිට ඇළ අයිනේය. එය අපූරු එළිමහනකි. කුඩා අත්තකට නැඟ ගත්තද හාත්පසම එක හා පෙනේ. එවන් හවස් කල අපි ටොක් අත්තක් මත එල්ලී ටොක් මොට්ටු නළළේ තලමින් සිටියෙමු. එකකට එකක් නොගැලපෙන අප දකින කල, අස්තන් ගත වන හිරු රශ්මි කදම්භයන්ගෙන් වෙළී ගත් කඳු ගැටය සුසුම් හෙළන්නාක් මෙන්; "අනේ කෙල්ලනේ! නුඹලාගේ මිහිරිම දවස්"යි මහත් ලාලාසාවෙන් යුතුවැ මුමුණනු මට දැනිණි. එක යායට ගොයම් කපා තිබුණු වෙල් යායෙන් එපිට වූ අපූරු දොරගල සදාතන යොබ්බනයේ සුපුල මහා පුරුෂයකු මෙන් අප හා සිනාසෙන විට හැමතැනම කහට පැල්ලම් වැටුණු ගවුම් ඇඳ මොර අතු පිටින් ඔඩොක්කුවේ දමාගෙන සිටි අපි කඳුගැටය දෙස විරිත්තාගෙන බලා සිටියෙමු.
Picture - "Minarets" (2013), Jeremy Lipking, from California (b. 1975)
ටොක් ගස් වූයේ මොර ගස් සෙවණින් මෙපිට ඇළ අයිනේය.
ReplyDeleteඑය අපූරු එළිමහනකි.
කුඩා අත්තකට නැඟ ගත්තද
හාත්පසම එක හා පෙනේ.
එවන් හවස් කල, අපි ටොක් අත්තක් මත එල්ලී
ටොක් මොට්ටු නළළේ තලමින් සිටියෙමු.
එකකට එකක් නොගැලපෙන අප දකින කල,
අස්තන් ගත වන හිරු රශ්මි කදම්භයන්ගෙන් වෙළී ගත්
කඳු ගැටය සුසුම් හෙළන්නාක් මෙන්;
"අනේ කෙල්ලනේ! නුඹලාගේ මිහිරිම දවස්"යි
මහත් ලාලාසාවෙන් යුතුවැ මුමුණනු මට දැනිණි.
එක යායට ගොයම් කපා තිබුණු වෙල් යායෙන් එපිට වූ
අපූරු දොරගල - සදාතන යොබ්බනයේ
සුපුල මහා පුරුෂයකු මෙන්
අප හා සිනාසෙන විට -
හැමතැනම කහට පැල්ලම් වැටුණු, ගවුම් ඇඳ
මොර අතු පිටින් ඔඩොක්කුවේ දමාගෙන සිටි අපි
කඳුගැටය දෙස විරිත්තාගෙන බලා සිටියෙමු.
"එළියේ,
Deleteමිදී ගෙන ආ වැහි බිඳු
සුදු හිම පෙඳිවලට පෙරළිණි
හිබචියේ
උණුසුමින් තැපුණු මගේ සිරුර
කෙමෙන් මොළොක් වන්නා සේ
මට දැනුණේ ය
රුදු සීතලේ පහර විඳීමට මට
තවත් ශක්තියක් නැත්තා සේ විය
යළිත් හිරු උදා වී
පොළොව උණුසුම් කරන තෙක්
මේ හිබචිය ගාව
අත්පා ගුලි කරගෙන සිටිය හැකි නම්
කෙතරම් මැනවිද!"
Sarachchandra, Ediriweera. Maḷavungē avurudu dā. Lēk Havus Invesṭmanṭs, 1975: 18.
ඔබ ජේදයක් ලිව්වද, එහි ඇත්තේ ගීතවත් බවක්....
ReplyDeleteඉහලින් කොමෙන්ටුව කොටපු සුභද්රා එය ඔප්පුකොට තිබෙනවා...
ස්තූතියි!
Deleteඋඩ කමෙන්ටුව දැක්කම මංඥං වෙලා ගියා....
ReplyDeleteඇයි කෝ සටහනත් කවියක් කියල කියන්න හැදුව විතරයි මේන කෙනෙක් කවියක්ම කරල දාල
:)
Deleteඇයි මේ තරං කෙටි.. සීමාවක් හදාගෙන ඒකයි..
ReplyDeleteA thesis, A series of conferences, Random invitations..
DeleteThese are my limitations!
Nice sarees, High-heel sandals and Needed make-ups
These are my limitations!
ටොක් ගස් කියන්නේ මොනවද කඳූ?
ReplyDeleteටොක් ගස්වලට වෙන නමක් තියෙනවා.. මේ වෙලාවේ මට මතකෙට එන් නැහැනේ.. ලස්සන කහ පාට ලොකු මල් පිපෙන ගස!
Delete