Thursday, August 21, 2014

පුළුන් සිලිලාරය



එහෙත් නොසිතමි කිසිවිට
අනේ මට මෙතැනට යන්නට ඇත්නම්
ගියා මෙන් විඳගත හැකිය
පුළුන් සිලිලාරය

අනේ මට තටු තිබුණා නම්
කියා නොම අමතමි මා සිත
කිමිද නා අවසන්ය
එක සැණයකින් මම

එක රටක් වුවත් ඇති
එක භවයකට
අනෙක් වර වෙනත් රටක් ලැබ ගත හැකිය
අතැර දමා සියලු පිනි බිඳු
පරිපූර්ණත්වය ලද කල
එකම මොහොතක සියලු රටවල
පෙනී සිටිය හැක
නිසොල්මන්ව හිඳ සිටින විට තැනක
සියලු සුන්දරත්වයම
පැමිණ යා හැක ඔබ වෙත!!

Picture - Ransirimal Fernando
Place - Helmcken Falls, Wells Gray Park, Clearwater, British Columbia

6 comments:

  1. අපූරුයි...
    වෙලාවකට තේරෙන්නෙ නැතිව යනව ඔයාගෙ කවි..
    එතකොට මම හිතාගන්නව ඒව සම්භාව්‍ය ඒව කියල..
    හිමිහිට ලෙස්සලයනව..
    හිහි

    ReplyDelete
    Replies
    1. තේරුම ලියන්න ගිහින් මොකට නැති කරගන්නවද සම්භාව්‍ය කියන පැසසුම. :)

      Delete
  2. oyage kavi hari lassanay...
    thawa liyanna...

    ReplyDelete