
කඳු අතරින් එහා ඈත
අහස් ගඟද ගලන්නේ
නුඹේ හිතින් මම මිදුණට
අහස මොටද අඬන්නේ
රුවින් තැනුණු රූබර මල්
අහස් ගඟේ පිපෙන්නේ
නුඹ නොදකින රුවැති පෙමක්
රුවක් නැතිව තිබෙන්නේ
මලිගිය මල් අහුරු පිටින්
නුඹේ වටේ පිපෙන්නේ
එහි සුවඳට ඇදෙන බඹර
මම මොකටද අඬන්නේ
Picture - June Carey
කදුපාමුල සිට දැහැනට සම වැද
ReplyDeleteමා ගයනා ගී ඔබට ඇසෙනවද...
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ
මිටියාවත් කදු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වනපෙතේ
ඔබ කී රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ...
ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ
කදුපාමුල සිට...//
ගායනය, සංගිතය - ආත්මා ලියනගේ
මෙතරම් ලස්සන ගීයක රචකයා කවුදැයි නොකියන්නේ ඇයි?
Deleteඔබ ගැයු ගීයක් මට ඇසුණේ නැත
Deleteකැලත කැලත නැඟි සකුණ සරය හැර
ඔබ වස්දඬු රැව මිදී ගියාදෝ
අන්සතු උයනක පිපුණු මලක් දැක
සුමුදු පෙමක් මිස අන් කිසිවක් නැත
ඔබේ නමින් මා හද මත සුලලිත
ඒ ආදරයෙන් නෑවී යන කල
ඉරා දමමු අපි කඳු බඳ තිමිරය
සඳ බැස යන පෙරඹර හිරු කැලඹෙන
දිගැති රැයක අවසන් රේඛාවෙත්
මා හද සැළමුතු පෙම ඔබ, ලියලන
සිහිනෙන් තැවරූ උණුසුම් සුවයද
කඳු ..
ReplyDeleteපද රචනය - සරත් ගුණරත්න
තනුව -කළෝ විජේසිරි