Tuesday, August 19, 2014

භෂ්මාවශේෂ ඇඳුම්



විල රළ නඟන්නේ අනෙක් පැත්තට
වලාකුළු ඇවිදින්නේ වෙනස් විදිහට
මෙන්න ඒ අය කතා කරනවා
අළු පාට ඇඳුම් ගැන

භෂ්මාවශේෂ වගේ අළු පාට
උඩු සුළඟට විසිර යන නමක් ගමක් නැතිව
එක් තැනක මඳක් නැවත
තව තැනෙක වැළලෙන

මෙන්න ඒ අය කතා කරනවා
භෂ්මාවශේෂ ඇඳුම් ගැන
කෝ ඒ අයට නම්
ලැබූ පැසසුම් මෙන්ම නින්දාවන්?

Picture - Oscar R., The Temple in the village of Jin Xi

4 comments:

  1. හරි පුදුම කවියක්. මම හරියට කැමතියි මේ විදියට. කොහොම ලියනවද මන්ද

    ReplyDelete
    Replies
    1. ඔබේ කවි මීට වඩා මොනතරං ලස්සනද සුභා!

      Delete
  2. මේ විදිය හරි වෙනස්. සරලයි. අනවශ්‍ය අලංකාර නෑ. හැබැයි ලාංකීය ගතියක් නෑ වගේ. මං කැමතිම ඒකට. විශ්වීය කවි. දැන් මං යාවජීව සාමාජිකයෙක් මේ කවි පොතේ. අපි දවසක හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. දවසක හමුවෙමු - හමු වී හිනැහෙමු

      Delete