මුහුද මුහුද මුහුද - මුහුද මවන උදය
ජනෙල් පියන්පත් තුළින් ගලා එන මුහුදක මුදු සුසුම
නීලොත්පල වුවන රඳවා නිති නිලන ගගන නයන
උදුලන මිණි අමුණන නිල සේලය නළවා ඇය රඟන
සැඳෑ කලෙහි එළඹී ගෙල මත දුල රන් අබරණ ලිහන
නෙරළු තුරෙක නැටුමට මනමත් වී ඇස නිදි ගැට කඩන
අඳුරු පොරෝනා පොරවාගෙන රෑ මන්ද්‍ර සරින් ගයන
ඇගේ අතින් ඈ පෙරා එවයි මුදු සුමුදු සුළඟ නිබඳ
Picture - Martin Johnson Heade
No comments:
Post a Comment